පළපුරුදු පුද්ගලයින් පාර්ලිමේන්තුවට නොයැවීම නිසා ජනතාව අද වන විට බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
සහල් ටොන් ගණනක් මැතිවරණ කොට්ඨාසවලට නොමිලේ බෙදා හැරීමට කටයුතු කළ බවටත්, එවිටද මෙම ප්‍රධාන සහල් මෝල් හිමියන් සිටි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
පොල් සම්බන්ධ ගැටලුවක්ද මතුව ඇති බවත්, රිලවුන් නිසා පොල් නැති බවට ප්‍රකාශ කළද, පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රිලවුන්ද සිටි බවත්, රනිල් ද සිටි බවත්, පොල් ද තිබුණු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.