Spread the love

නාගොඩ -සුමන

මහනුවර – මහියංගනය මාර්ගයේ පස් කණ්ඩියක් කඩා වැටීමේ අවධානමක් හේතුවෙන් උඩුදුම්බර – කහටගොල්ල ප්‍රදේශයෙන් මාර්ගය වසා දැමූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මාර්ගය අද (20) පස්වරු 06.00 සිට වසා දමා තිබේ.
එම ප්‍රදේශය අධීක්ෂණය කිරීමෙන් මාර්ග කොටස විවෘත කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.
.