Spread the love

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය 27 දා කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දැක්වීය.

මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කර විමර්ශනයකට අදාළ බී වාර්තාව ඉදිරිපත් කරමින් කොල්ලුපිටිය පොලිසිය එම රථයේ රියදුරාගේ දුරකතන වාර්තා ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේ ස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

එම වාහනය නඩත්තු කටයුතු සදහා ගරාජයට යොමු කරන බව කියමින් සහ ඉන් අනතුරුව හොරොව්පතාන තම නිවසේ දානයක් ඇති බව කියමින් එහි යන බව දන්වා දෙදිනක නිවාඩු ලබා රියදුරු පිටතට ගොස් ඇති බවත් ඔහු එම රථය නාමල් රාජපක්ෂ මහතාගේ අගෝස්තු මස 21 අනු රාධපුර පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සදහා යොදවා ඇති බව වාර්තා වී ඇතැයි පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙලෙස නියෝග ඉල්ලා සිටියේ ලංකා විදුලි පුද්ගලික සමාගමට අයත් මොන්ටෙරෝ ජිප් රථයක් සම්බන්ධයෙනි