Spread the love

රටේ අර්බුදය විසදන්න අවශ්‍ය දේශපාලන විසඳුමක්ලදේශපාලන විසඳුම ලබාගන්න පුළුවන් මැතිවරණයකින්, ව්‍යවස්ථාව වෙනස් කර හෝ ඉක්මන් මැතිවරණයකට පාර කපන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඒ මහතා මෙම අදහස් පල කලේය.

වසර තුනක් අපි රාජාසන කතාවලට සවන් දුන්නා.නමුත් අපි නැගිටලා ගියා මොකද ආණ්ඩුව කියන විදියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ගෞරවාන්විත සැලකීමක් තියෙන්න ඕනේ .විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් නැති කෙරුවා.කවදාකවත් එහෙම වෙලා නෑ.ආණ්ඩු පක්ෂයේ අයට විතරයි දුන්නේ.ඒ විතරක්ද එදා අපි පැවැත්වපු සාමකාමී විරෝධතාවයට පහර දුන්නා.අපිට එහෙම පහර දීලා මෙතන අපෙන් සහයෝගය ඉල්ලන්න ලැජ්ජ නැද්ද? අපි සහයෝගය දුන්නොත් අපිට ගම්වලට යන්න බැරිවෙනවා.හැමදාම අපෙන් සහයෝගය ඉල්ලනවා පහර දීලා අපෙන් සහයෝගය ඉල්ලන්නේ?

එදා සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබ්බ කඳුළු ගෑස් වෙඩිල්ල එතුමාගේ ජීවිතය හානි කරන්නයි තිබ්බේ.මේ වගේ වැඩ කරනකොට අපිට කිසිසේත්ම සහයෝගයක් දෙන්න බෑ.රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිත් එක්ක ඉන්නකොට මේ වගේ වැඩ කෙරුවේ නෑ.එදා එතුමා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති.එතුමා දැන් පණ්ඩිතයන් සමග ආශ්‍රය නවත්තලා බාලයන් සමග තමයි ආශ්‍රය කරන්නේ ඒකයි මේ බාල වැඩ කරන්නේ.

අපිත් එක්ක ඉන්නකොට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ සභාපති,වෙලාවට මැතිවරණ තියන්න උත්සාහ කෙරුවා.නමුත් දැන් මොකද කරන්නේ පළාත් පාලන මැතිවරණයත් කල් දැම්මා.උසාවිය කියපු දේවල් ඇහුවෙ නෑ.ඒ විතරක් නෙමෙයි,උසාවි තීන්දුව දුන්න විනිශ්චකාරවරු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගේන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා කරා.අධිකරණය මෙල්ල කරන්නේ හැදුවේ.ජනාධිපතිවරයාගේ ක්‍රියාකාලාපය මට අදහගන්න බෑ.පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියලා ආවේ නමුත් හැමදාම පාර්ලිමේන්තුව දුර්වල කරනවා.