Spread the love

තම මාසික වැටුප වැඩි කරන ලෙසට බල කරමින් නුවරඑලිය නගරයේ රාජ්‍ය බැංකු සේවකයින් (04) දින දහවල් දිවා ආහාර පැයේ නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයේ නිරතව සිටි බැංකු සේවකයින් කියා සිටියේ රටේ පවතින ජිවන වියදම සහ තම වැටුපෙන් බද්දක් අය කිරිම හේතුවෙන් මාසිකව ලබා ගන්නා වැටුප තමන්ට ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව කඩිනමින් බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කරන ලෙසත්, එසේ වැටුප් වැඩි නොකල හොත් බැංකු සේවකයින් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නියැලෙන බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.