Spread the love

ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ ඉලුක්කැටිය ප්‍රදේශයේදී පාරේ ගමන් කළ තිදෙනකු අනතුරකට ලක්කොට අද අළුයම මෝටර් රථයක් පලාගොස් තිබේ. අතතුරින් බලපතල තුවාල ලැබු කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.

රෝහලට ඇතුලු කීරිමෙන් පසු 58 සහ 71ක් හැවිරිදි පිරිමි පුද්ගලයකු හා කාන්තාවක එලෙස මියගොස් ඇති බවපොලීසිය සදහන් කරයි.
අනතුර සිදුකර පළාගිය මෝටර් රථයේ රියදුරු සොයා විමර්ශන ක්‍රියාත්මකය.
මීට අමතරව පමුණුගම බෝපිටිය ප්‍රදේශයේදී ජා ඇළ දෙස සිට බෝපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුවී ඇත.සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාර්ගයේ ගමන් ගත් 27 හැවිරිදි පුද්ගලයෙකුය.
සිද්ධි සම්බන්ධයෙන් අදාල පොලිසි වැඩිදුර විමර්ශන සිදු කරයි.