Spread the love

රජය විසින් යෝජනා කරන කර තිබෙන අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් මෙරට අධ්‍යාපන පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇතැයි කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම ප්‍රතිපත්ති රාමුවට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර එය පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ද යොමු කර ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

මෙම මාසය තුළ එම ප්‍රතිපත්ති රාමුව සම්මත වීමට ඉඩ ඇති බවත් එය රජයේ ප්‍රතිපත්තිමය යෝජනාවක් බැවින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමටද නොහැකි බවත් ඔවුන් කියා සිටී.

මෙම පනත සම්මත වීම මගින් මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් රාජ්‍ය වගකීම නිදහස් වීමට අපේක්ෂා කරන බවද කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකස් ආචාර්ය අතුල සමරකෝන් මහතා සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක නිදහස් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහෝසි කර ගාස්තු ගෙවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් ලබා දීමට සැලසුම් කරන බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.