Spread the love

ගාල්ල නෙළුව දූලි ඇල්ල සංචාරක මධ්‍යස්ථානය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘෘතකෙරිණි.

වර්තමානය වනවිට සංචාරක ආකර්ෂණය දිනා ඇති ලංාගම සහ සිංහරාජ රක්ෂිතය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා නේවාසික පහසුකම් ලබාදීම වෙනුවෙන් සංචාරක මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

සංචාරක මධ්‍යස්ථානය කොටස් දෙකකින් සමන්විත අතර ඉදිරියේදි දෙවැනි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

මෙහි නවාතැන් පහසුකම් ඉදිරියේදි මාර්ග ගත ක්‍රමයට වෙන්කිරීමට පහසුකම් සැපයීමට නියමිතයි.

මේ සඳහා මුදල් ප්‍රතිපාදන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් ලබාදි තිබේ.

දූලි ඇල්ල සංචාරක මධ්‍යස්ථානයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා ද අවශ්‍ය මුදල් මේ වනවිට වෙන්කර ඇතිබව නෙළුව ප්‍රාදේශීය සභාව වැඩිදුරටත් පවසයි.