Spread the love


  ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු නීති විරෝධී  ලෙස  මෙරටට රැගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් තොගයක් ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට  ගෙන ඇත.

ඊ ඒ අලුයම 12.30 පමණ   පැමිනි මොවුන්  ලග තිබී ඇත්තේ ‘අයි ෆෝන්’ 36ක් සහ ලැප්ටොප් පරිගණක 06කි.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන සහ පරිගණක පිටතට ගෙන යමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව සඳහන් ය.

අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණු අතර, එහිදී රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක රාජසන්ත කිරීමට පියවර ගෙන තිබේ.

තවද සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 16ක දඩ මුදලක් ගෙවීමටත් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.