Spread the love

නීතිවිරෝධි කටයුකු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වන්නෙ නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ පසුගිය කාලයේදී කතාබහට ලක්වු එවැනි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැනටමක් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

දිවංගත රෙජි රණතුංග මහතාගේ 15 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පල පිහිටි එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අසාර්ථක අරගලකරුවන් ආණ්ඩුවට එරෙහිව ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බවයි. ජාතික ආණ්ඩුවකට යම් කණ්ඩායමක් එනවා නම් ජනාධිපතිවරයා ඊට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරුනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.