Spread the love

නාගොඩ සුමන

නිවාස වල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා හෙට (24) දිනයේ මූල්‍ය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නිවාස සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 09.00ට නිවාස සංවර්ධන අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේදී තෝරාගත් ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් 200000 මූල්‍ය පහසුකම් ලබාදීම සිදුවෙයි.
හෙට පස්වරු 03.00 නිවාස සංවර්ධන අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයෙදී ප්‍රතිලාභීන් 33 දෙනෙකුට රුපියල් 200000 වටිනා මූල්‍යමය පහසුකම් ලබාදීමට නියමිත බව නිවාස සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් කාර්යාලය පවසයි.