Spread the love

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළධාරීන්ගේ උපදෙස් මත පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්. අමිර් මහතා පවසයි.

පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් තිල්අඩිය කලාපයට බෙදා දීම සදහා ලබා දී තිබු නිළ ජන්ද පත්‍රිකා 5723 ක සංඛ්‍යාව අතරීන් මෙලෙස 147 ක ජන්ද පත්‍රිකා තොගයක් අදාල වෙළද සැල තුළ තිබේන බවට ලැබුන පැමිනිල්ලක් මත අදාල ස්ථානයට නිළධාරීන් පිරිසක් යවා එම ජන්ද පත්‍රිකා තොගය ආපසු තැපැල් කාර්යාලයට රැගෙන එමට කටයුතු කල බව තැපැල් ස්ථානාධීපතිවරයා කල විමසිමේදි පවසා සිටියාය.

මෙවර ජනාධිපතිවර්ණය වෙනුවෙන් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට නිළ ජන්ද පත්‍රිකා 47610 ලැබි ඇති අතර එයින් 5638 බෙදා දිමට නොහැකි වි ඇති බව කියයි.

එසේ බෙදා දිමට නොහැකි වු ජන්ද පත්‍රිකාවලින් 1176 ක් ජන්ද දායකයින් විසින් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමින ලබා ගැනිම සිදුව තිබුනී.

එසේම එයින් ඉතිරි ජන්ද පත්‍රිකා වලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් 19 දිනද ලබා ගැනිමට ජන්ද දායකයින් පැමින තිබු බව තැපැල් කාර්යාලය පවසයි.

මෙවර පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට ලැබුන නිළ ජන්ද පත්‍රිකා 47610 කලාප 15 කට බෙදා එම ජන්ද පත්‍රිකා බෙදා හැරිම සදහා ලියුම්කරුවන් 14 දෙනෙකු යොදවා තිබු බවද කියයි.

කෙසේ නමුත් මෙම නිළ ජන්ද පත්‍රිකා බෙදා අවසන් කල යුතුව තිබු 14 දි සවස 6 වන විට එය අවසන් කිරීමට නොහැකි විම හේතුවෙන් ඉතිරි ජන්ද පත්‍රිකා ප්‍රධාන තැපැල් කාර්යාලය භාරයට ගෙන තිබු බවද කියයි.

නමුත් එසේ ආපසු තැපැල් කාර්යාලයට රැගෙන ඒම පසෙක තබා අදාල ලියුම් බෙදන්නා විසින් මෙලෙස තිල්අඩිය දෙවන හරස් විදිය හා තුන්වන හරස් විදිය පදිංචිකරුවන්ට අදාල ජන්ද පත්‍රිකා බෙදා නොදි වෙළද සැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් නිළ ජන්ද පත්‍රිකාවක් කිසිදු ලෙසකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවර්ණ නීති වල දැඩි ලෙස සදහන් කර තිබේන පසුබිමක මෙලෙස වෙළද සැලකට ජන්ද පත්‍රිකා අන්සතු කිරීම බරපතල වරදක් ලෙස සැලකෙති.

එවැනි පසුබිමක අදාල ලියුම් බෙදන්නා විසින් මෙම ජන්ද පත්‍රිකා 147 ක සංඛ්‍යාව මෙලෙස අදාල ජන්ද දායකයින් වෙත ලබා නොදි වෙළද සැලකට ලබා දීම බරපතල තත්වයක් බව කියයි.

කෙසේ වෙතත් අදාල නිළ ජන්ද පත්‍රිකා සම්බන්ධව පුත්තලම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රාදේශීය තැපැල් අධිකාරී ඇතුළු ඉහල නිළධාරින්ගෙන් ලබා ගත් උපදෙස් මත විශේෂ කණ්ඩායමක් යොදවා අදාල ජන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට 19 දින දහවල් වන විට නැවත කටයුතු ආරම්භ කල බව පුත්තලම තැපැල් ස්ථානධිපතිවරයා පවසන්නට විය