Spread the love

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කල පෙරහරක අලියකු පිට නැග ගමන් කරමින් සිටි නිලමේ වරයෙකු බිම ඇද වැටි තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

වතුපිටවල රෝහලට ඇතුලත් කරනු ලැබු නිලමේවරයාගේ ඒත් අතක් බිඳී ගොස් තිබේ.

පෙරහැරේ අලි ඇතුන් දොළොස්‌ දෙනෙකු ගමන් කර ඇති අතර නිට්ටඹුව නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු දොළොස් දෙනකු නිලමේ ඇඳුම් වලින් සැරසී එම අලි ඇතුන්ගේ පිටමතට නැග නිලමේවරුන් ලෙස පෙරහැරේ ගමන් කර ඇතැයි පොලිසිය කියයි.