Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ ප්‍රදේශයේ ගතවු මාස දහයක කාලයක් තුළ කළ සෝදිසි මෙහෙයුම් වලදි රුපියල් පනස් ලක්ෂ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති තිලක් දිසානායක මහතා පවසයි.
මෙම සෝදිසි මෙහෙයුම් සිදු කොට ඇත්තේ කොළඹ 1 සිට කොළඹ 15 දක්වාවු ප්‍රදේශවලයි. මෙහිදි මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිතර සැකකරුවන් වටලා හෙරොයින් ,අසිස් ,ගංජා හා නිති විරෝධී මත්පැන් සමගින් අලුත්කඩේ හා මාලිගාකන්ද යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් තිස් ලක්ෂ පනස්තුන්දාස් අටසියයක දඩ මුදලක් අයකර ගත් බව තිලක් දිසානායක මහතා පවසයි.
මෙහිදී හෝටල්, ආපනශාලා හා රටබීම හල් වල සිදුකල සෝදිසි මෙහෙයුම් වල දි බලපත්‍ර කොන්දේසි කඩකළ ස්ථාන 229 කට කාර්මික අපරාධවාර්තා ඉදිරිපත් කොට තිබේ. එහිදි අදාල බලපත්‍ර ලාභීන් සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වරයා වෙත හා සහකාර සුරාබදු කොමසාරිස් වරයා වෙත ඉදිරිපත්කොට ඹවුන්ගේ පෙරවැරදි සළකා බලා රුපියල් පහලොස් ලක්ෂයක සමථ ගාස්තුවක් අයකර ගෙන ඇත.
කොළඹ නගරයේ කුමන ස්ථානයක වුවත් මත් ජාවාරමේ නිරත වන්නේද ඹවුන්ගේ තරා තිරම නොබලා දිගින් දිගටම ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීමට නිලධාරීන් පැය විසිහතර පුරාම සිරුවෙන් සිටින බවද තිලක් දිසානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.
සහකාර සුරාබදු කොමසාරිස් ජයන්ත සිල්වා මහතාගේ උපදෙස් මත, කොළඹ නගරයේ සුරාබදු අධිකාරී පී.එන් .හේමන්න මහතාගේ අධීක්ෂණය යටතේ , කොලඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරික්ෂක තිලක් දිසානායක මහතාගේ මෙහෙය වීමෙන් පරීක්ෂකවරුන්වන හේරත් ,සිරිගුප්ත ,උඩපමුණුව , රණවක , දිසානායක ,මහසැරයන් පෙරේරා, සැරයන් විජේසේකර , කෝප්ප්‍රල් වරුන්වන විජේබණ්ඩාර,තුසිත කුමාර ,රාමනායක ,දේශප්‍රිය ජයකොඩි ,නුගේතැන්න ,චන්ද්‍රසේකර ,බස්නායක ,කුරුප්පු ,සනත් පද්මකුමාර ,විතුර්ෂන්,අනෝජන්,කාන්තා නියාමිකාවරන්වන ,ශ්‍රීමතී ජයරත්න, චතුරන්ගි ප්‍රනාන්දු , නියාමකවරන්වන,විජේවර්ධන ,අල්විස්, මානන්දුව යන නිලධාරීහු මෙම වැටලිම් සිදුකළහ.