වතු නිලධාරියෙකුට පහරදී පුටුවක බැඳ ගිනි තබා ඇති බවට නාගොඩ මාපලගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පොලිසිය පවසන්නේ මාපලගම කුඩා කුඩමාලාන තේ කර්මාන්තශාලාවේදී මෙම තැබීම සිදුකර ඇති බවය.
ගිනි ගැනීම හේතුවෙන් නිලධාරියාගේ කෑ ගැසීම අසා එහි සේවය කරන පිරිස් පැමිණ ඔහු බේරාගෙන ගින්න නිවා දමා ඇත.
ගින්න හේතුවෙන් ඔහුගේ ශරීරය පුරා පිලිස්සුම් තුවාල තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.