Spread the love

නිමල් රාජපක්ෂ-

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ලබන වසරේ මැද වන විට නිමකොට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉලක්ක කර ඇතැයි වරාය නාවික හා ගුවන්සේවාඅමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතා පවසයි.
්‍
මෙම පර්යන්තයේ ඉදිවන ජැටිය මීටර් 1400 ක් වන අතර , ඉදිකිරීම් නිමවීමෙන් පසු මෙගා නැව් 03ක් එකවර නැංගුරම් දැමීමට හැකියාව ලැබෙනු ඇත.
නෞකාවලින් බහලුම් ගොඩබෑම සඳහා ගැන්ට්‍රි දොඹකර 12ක් සහ බහලුම් තැන්පත් කිරීම සඳහා ට්‍රාන්සර් දොඹකර 40ක් නැගෙනහිර පර්යන්තයේ ස්ථාපිත කරනු ලබන අතර බහාලුම් අංගනයේ වපසරි හෙක්ටයාර් 75කි.
වසරකට බහාලුම් මිලියන 03 ක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති නැගෙනහිර පර්යන්තය අර්ධ ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
මෙම නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 585 ක් වැයවන අතර සියලු මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් වැය කිරීමට නියමිතය. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ලෙස චයිනා ඉංජිනේරීන් සහ ඇක්සස් ඉංජිනේරීන් යන සමාගම් කටයුතු කරනු ලබයි.
මෙම ඉදිකිරීම් කටයුතු නීරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ්, උප සභාපති ගයාන් අලගේවත්තගේ, කලමණාකාර අධ්‍යක්‍ෂ ප්‍රභාත් මලවිගේ ඇතුළු නිලධාරීන්පි රිසක් සහභාගි විය.