Spread the love


නිමල් රාජපක්ෂ-

නාවික හා ගුවන්සේවා කේෂත්‍රය නවීන තාක්ෂණයෙන් යුතු ඩිජිටල් කරණය කිරිීම සදහා ශ්‍රි ලංකාවට ඇමෙරිකාවේ සහය ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිණි ජූලි ජේ.චුන්ග් මහත්මිය පැවසුවාය

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන්සේවා කේෂත්‍රයන්හි නවීකරණය මෙන්ම,නව තාක්ෂණය උපයෝගි කරගනිමින් ඩිජිටල් කරණය කිරීමේ දී මුහුණ පෑමට සිදුවන ස්විශේෂි අභියෝගන් වන දත්ත වල ආරක්ෂිතභාවය රැකගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කලයුතු බවද මෙහිදි වැඩි දුරටත් කීවාය.

තානාපතිවරිය මෙම කරුණු අවධාරණය කලේ සැප්තැම්බර් ඊයේ ( 27) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය කාර්යාලයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂෙත්‍රය පුලුල් කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිලිවෙල පැසසුමට ලක්කළ තානාපතිවරිය, ඒ සඳහා ඇමරිකානු ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ : ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂෙත්‍රය අනාගතයට සරිලන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය නව ප්‍රතිපත්ති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකර ඇති බවත් ඒ තුළින් මෙම ක්ෂෙත්‍රය රජයට බරක් නොවී පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් සේවා ක්ෂෙත්‍රය තුල ආයෝජන අවස්ථාවන් රාශියක් ඇති බව පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා ඇමරිකානු ආයෝජකයින්ට ආරාධනා කරන බව පැවසීය.

මෙම සාකච්ඡාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් වන ඩස්ටින් ආර්.බිකෙල්,ඩැනියෙල් මූන්,තිලෝමා අබේනායක යන මහත්මා මහත්මින්ද, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නයනා සෝමරත්න සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ,අධ්‍යක්ෂක ජනරාල් ජයකාන්ත, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ චන්ද්‍රසිරි සහ වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් යන මහත්මා, මහත්මින් සහභාගි වුහ..