Spread the love

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Steve Koehler අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ඉන්දියන් සාගරය තුළ දිනෙන් දින ඉහළ යන ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම, සමුද්‍රීය කලාප පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය වැනි ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට සහතික වූ අද්මිරාල් Koehler මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයන් ද ඇගයීමට ලක් කර තිබිණ.