Spread the love

නාරා ආයතනයේ (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය) පුරප්පාඩු වී තිබු අධ්‍යක්ෂක ජනරාල් ධුරයට, එම ආයතනයේ අවුරුදු 30 කට අධික කාලයක් විද්‍යාඥයකු ලෙස කටයුතු කර ඇති ආචාර්ය කේ.අරුලානන්දන් මහතා අද .06 වැනි දින ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත්කරන ලදි.
එතුමා සමුද්‍ර විද්‍යා P.H.D ආචාර්ය උපාධිදරයකි. නාරා ආයතනයේ (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය) බොහෝ කාලයක් සේවය කළ අයෙකු මෙම අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත්වීම ඉතාම වැදගත් .
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය ඇතුලු නිලධාරි පිරිසක් සහභාගි විය.