Spread the love

නාගොඩ -සුමන

මෙරට ඉතිහාසයේ දැවැන්ත නායයෑමක් සිදුවූ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ යළි නායයෑමේ අවදානමක් මතුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.

මීරියබැද්ද නාය යළි සක්‍රියවීමත් සමඟ එහි අවදානම සලකා ජනතාවට එම ප්‍රදේශය අතහැර යන ලෙසට දැනුම්දී තිබේ.

එහෙත් ඔවුන් එම දැනුම්දීම නොසලකා හැරීමත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අධිකරණ නියෝගයක් ගෙන ජනතාව ඉවත් කිරීමටපෙරේදා (18) රාත්‍රියේ පියවරගත් බව එම ඒකකය වැඩිදුරටත් පවසයි.