Spread the love

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇගවීම හෙට දිනය දක්වා දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල හම්බන්තොට, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසකට එලෙස නායයාමේ අනතුරු ඇගවීම ක්‍රියාත්මක බවයි එම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවසුවේ.