Spread the love

කොලොන්න මොරවාඩිය ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

අළුයම 02.00 පමණ අනතුර සිදුව තිබේ.

එම ස්ථානයේ පරීක්ෂා කිරීම් කටයුතු සදහා මේවන විට අදාළ නිලධාරීන්ගොස් තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කදු ආශ්‍රිත නාය යෑමේ අවධානම් ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.