Spread the love

අයහපත් කාලගුණික තත්ත්වයත් සමගින් පැවැති අධික වර්ෂාවෙන් බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් ඇත.

ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදු වී ඇති අතර නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි සඳහන් වන්නේ.

මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, බදුල්ල දෙසට යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම්දී සිටි.