Spread the love

පළමු පංතියේ මැදිරි තිබෙන සීඝ්‍රගාමී දුම්රියවල වෙන්කල ආසන ලබා ගත් අයගේ නාම ලේඛනය අදාල දුම්රියේ නියාමක වරයා වෙත ලැබිය යුතු බව දුම්රිය නියාමක සංමයේ සභාපති තිලකරත්න මහතා පවසයි.

නමුත් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා ධාවනය වීමට තිබු නගරාන්තර දුම්රියේ වෙන්කල ආසන සදහා නාම ලේඛනය අදාල දුම්රියේ නියාමකවරයා වෙන නොලැබිම හේතුවේන දුම්රිය විනාඩි 40 ක් පමණ ප්‍රමාද වි ධාවනය කල බවද තිලකරත්න මහතා පැවසුවේය.
දුම්රිය ආසන වෙන්කිරීම අන්තර් ජාලය හරහා ඊ ටිකට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමගින් අදාල නාමලේඛන නිසියාකාර නොලැබීම මෙයට ප්‍රධාන හේතුව බවද නියාමක සංගමයේ සභාපතිවරයා පැවසුවේය.