Spread the love

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරයි.

සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට කිසිදු හේතුවක් නොමැති බව සිය X ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා කියාසිටියි.

“ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා මා සහ ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ. මට ඔහුව හමුවීමට හේතුවක් නැහැ,” යැයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.