Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.

ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මූලස්ථානයේ පැවැති උත්සවයකදීය.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම අපේක්ෂකත්වය සඳහා යෝජනා කර තිබුණද ඔහු අවසන් මොහොතේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

පක්‍ෂ මූලස්ථානය විසින් එම අවස්ථාව සජීවීව විකාශණය කරමින් සිටියදී අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරන විට සජීව විකාශය බිද වැටිනි.