Spread the love

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ දිවුලපිටියේ දී පැවැති ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුවට සහභාගිව සිටියේ දිස්ත්‍රික්කය නියෝජනය කරන චම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණි.

මෙම හමුව 03 රාත්‍රී දිවුලපිටියේ උත්සව ශාලාවකදී පැවැත්විණි.

හමුව සංවිධානය කළ දිවුලපිටිය ආසන සංවිධායක විදුලිබල රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන් සමග කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද මෙම හමුවට එක්ව සිටියහ.