Spread the love

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පලකරමින් ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් විසින් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවයි.
දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.