Spread the love

නාගොඩ -සුමන

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා නොමිලේ සහල් බෙදාදීම මේවන විට ක්‍රියාත්මක බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.
සහල් කිලෝග්‍රෑම් 20 බැගින් එලෙස ලබාදීමට නියමිතයි.
අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට නියමිතයි.
අප්‍රේල් මාසයේ ලබාදීමට නියමිත සහල් කිලෝග්‍රෑම් 10 මේවන විට දිවයින පුරා බෙදාදීම ආරම්භ කර තිබේ.
මේ අතර ගාල්ල නාගොඩ 209 යටලමත්ත වසමේ අඩු ආදායම් ලාභීන්ට සහල් බෙදාදීම හෙට (22) පස්වරු 01.00 යටලමත්ත සමුපකාර ගබඩාව අසලදී සිදුකරන බව 209 යටලමත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරීන් අජිත් වනිගසේකර මහතා පැවසීය.
සහනාධාරය රැගෙන යාමට එන අය ජාතික හැඳුනුම්පත රැගෙන එන ලෙසද අජිත් වනිගසේකර මහතා වැඩිදුරටත් පැවසීය.