Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කරමින් චෙරියපාණී මගී යාත්‍රාවඅද පෙරවරු 11.30 ට කන්කසන්තුරේ වරායට සේන්දුවුහ.
මෙහි මගීන් 50 දෙනෙකු පමණ පැමිණි අතර, ඔවුන් සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩලය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිලිගන්නා ලදී.

ඉන් අනතුරුව ⁣චෙරියපාණී මගී යාත්‍රාවේ ප්‍රථම චාරිකාව සනිටුහන් කරමින් සමරු එලක හුවමාරු කර ගැනීමක් සිදුකරනු ලැබීය.

ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පලලින් මීටර් 9.6 වූ අධිවේගී ⁣චෙරියපානි යාත්‍රාවෙන් මගින් 150 ක් රැගෙන යාමට හැකියාව ඇත.
නාගපට්නම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය හතරක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750 ක්ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500 ක්ද අයකරනු ලබයි. එ වෙනුවෙන් එක් මගියකු හට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කරයි.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අලගේවත්ත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.