Spread the love

නව සන්ධානයේ මෙහෙයුම් කමිටුව පසුගිය බදාදා පෙරවරුවේ කොලඹ පිහිටි හෝටලයක රැස්ව ලබන 8 වැනිදා හම්බන්තොටදී පැවැත්වෙන රැලියේ සංවිධානය කටයුතු සහ වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කලහ.

“හම්බන්තොට තිබ්බ සජබ සහ මාලිමාවේ රැස්වීම් ඔක්කොටම ලංකාව හැමතැනින්ම බස් ඇවිල්ල තිබ්බ ” මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු කීවේය.

” ඔව් ඔව් අපි මේකෙදි පෙන්නන්න ඔනා අමරවීර ඇමතිතුමාගෙ දිස්ත්‍රික්කයේ හයිය වගේම අපේ සන්ධානයේ හයිය” සුගීශ්වර කීවේ පිරිස දෙස බලමිනි.

” අපෙන් මොනවද වෙන්න ඕනා කියල බලල ඉක්මනින් කරල දෙන්න” නිමල් ලන්සා මන්ත්‍රීවරයා කීවේ සිරිපාල අමරසිංහ දෙස බලමිනි.

අනතුරුව පිරිසගේ අවධානය යොමු වූයේ පසුගියදා එජාප මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරණය ගැන සිදුකල ප්‍රකාශය ගැනයි

“මේ වගේ කතා මොකට කියනවද දන්නෙ නෑ..ඒවගෙන් වෙන්නෙ ජනාධිපතිවරයා අපහසුතාවයන්ට පත්වන එක” අමරසිංහ කීවේය

” නෑ නෑ ඒක එයාගෙ පුද්ගලික මතය මිසක් ජනාධිපතිතුමාගෙ වත් රජයේ වත් මතය නෙමෙයි.ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී අනිවාර්යයෙන් පැවැත්වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක්” නිමල් ලන්සා මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කලේය.

” මොනවත් කියන්න දෙයක් නැතුව හිටිය අනුර කුමාරට දැන් මේක සටන් පාටයක් වුණා” සුගීශ්වර සිනාසෙමින් කීවේය

මේ අතර හම්බන්තොට රැලිය පවත්වන ස්ථානය පිලිබදව සහ එහි සංවිධානය කටයුතු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් පසුගිය සෙනසුරාදා පෙරවරුවේ මහින්ද අමරවීර මහතාගේ අගුනකොලපැලැස්ස පිහිටි නිවසේ දී පැවැත්විණි.

මේ අවස්ථාවට පක්ෂ කාර්‍යාලය නියෝජනය කරමින් සිරිපාල අමරසිංහ සහ පක්ෂ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද හම්බන්තොට දිස්ත්‍රික් පලාත් පාලන ආයතන හිටපු සභාපතිවරුන් සහ පාක්ශිකයින් පිරිසක් එකව සිටියහ.

“මොනම හේතුවක් නිසා කවුරුත් මේකට පිටින් සෙනග ගේන්න ලෑස්ති වෙන්න එපා මේ දිස්ත්‍රික්කයේ අය විතරයි සන්ධානයේ හම්බන්තොට හයිය බලාගන්න පුලුවන් එතකොටනෙ” අමරවීර ඇමතිවරයා කීවේය.

අනතුරුව කාගේත් අවධානය යොමු වූයේ රැලිය පවත්වන ස්ථානය පිලිබදවය

“රැස්වීම තියන්න පුලුවන් හොද තැන් කිහිපයක්ම තියනව” හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකු කීවේය

” අපි සජබෙ හරි මාලිවාව හරි තිබ්බ තැනකම තියමු නැත්තන් එයාල කියයි අපි පොඩි තැන්වල තියල බොරු සෙනගක් පෙන්නනව කියල.එයාල තිබ්බ තැන තිබ්බාම කිසි ප්‍රශ්නයක් නෑ” තවත් සභාපතිවරයෙකු කීවේය

ඒ අනුව ආසන්නම කාලයේ දේශපාලන රැස්වීම්ක් පවත්වා තිබුණේ සජබ විසිනි.ඒ අම්බලන්තොට බස් නැවතුම් පොල අසලය.එම ස්ථානයම නව සන්ධානයේ රැලිය පැවැත්වීමට තීරණය වූ අතර පසුව ඇමතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයේ නිරීක්ෂණය කිරීම සදහාද එක්වීම විශේෂත්වයක්

නව සන්ධානයට සහාය දෙන සියලු මැති ඇමතිවරුන් මෙම ජන රැලියට එක්වීමටද නියමිතයි