Spread the love

නව රජයක් පත්වූ සැනින් සහන ලබා දිය නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය.

ආර්ථික ප්‍රතිලාභ ද එලෙස ලබාදිය නොහැකිය.

ආර්ථිකය නව ගමන් මගකට ගෙන යාම සඳහා සියලු දෙනා පළමුව වත්මන් රජයට සහයෝගය දැක්විය යුතුය.

සහන ලබාදිය හැකි මට්ටමට ආර්ථිකය ළඟා වනතුරු ජනතාව ඉවසීමෙන් කටයුතු කළයුතු බව පැවසීය.

මේ අතර නව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සන්නිවේදනය කිරීම ඉතා වැදගත්ය.

රටේ පවතින ඉහළ ණය බර හේතුවෙන් රටේ ආර්ථික තත්වය වේගයෙන් වර්ධනය කර යුතු බව පැවසීය.

රටේ අපනයන අංශය වර්ධනය කිරීම ඒ සඳහා ඉතා වැදගත් වෙයි.

ඒ සඳහා නොපමාව අවශ්‍ය කටයුතු කළයුතුය.

පැවති ආර්ථික අර්බුදයෙන් මිදී මේ වනවිට රට යම් ස්ථාවර තත්වයක පවතින බව වැඩිදුරටත් පැවසීය.