නිමල් රාජපක්ෂ
වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා අද (04)පෙරවරුවේ එළඹුන සුභ මොහොතින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස සිය ධුරයේ වැඩ බාරගත්හ.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක් විය
එහි දී පැමිණ සිටි පිරිස ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා, “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රටට, සමාජයට විශාල සේවයක් ඉටුකරන, ජනතාවට ඉතාම සමීප ආයතනයක්. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන අතරින් ජනතාවට වඩාත් බද්ධ වූ ආයතනයක්. රියදුරු බලපත් ලබාගැනීම, රථවාහන ලියාපදිංචි කිරීම ඇතුලු ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන මෙම ආයතනය, පසුගිය කාලවල සිදුවූ විවිධ අක්‍රමිකතා හේතුවෙන් ජනතාව අතර කළු කරලයි තිබුණේ. කෝපා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම නිසා ආයතනයට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.
එවැනි ගැටලු යළි ඇති නොකර, ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීමට නව පරිපාලනය කැපවිය යුතුයි. වංචාවෙන්, දූෂණයෙන් තොර ව, රජයේ පුනරුද ගමන සමග ඒකාත්මික වෙමින් ඉදිරියට ගමන් කළ යුතුයි.”
මෙහි දී අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, කමල් අමරසිංහ මහතා, “රජයේ ප්‍රතිපත්තිවලට අනුව මහජන හිතෛෂී, ආදර්ශමත් සේවාවක් ඉදිරියේ දී ලබා දෙනවා. ගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය අපේක්ෂා කරන ඉහළ මට්ටමේ සේවාවක් ජනතාවට ලබාදීම අරමුණ යි. එමෙන් ම විධිමත්, ඵලදායී, මිත්‍රශීලී සේවාවක් වෙනුවෙන් මා ඇතුළු කාර්ය මණ්ඩලය කැපවෙනවා.”
මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පාලන) ඩී.පී.සී. උදය කුමාර, කොමසාරිස් (සංවර්ධන) ප්‍රියන්තා දිසානායක, කොමසාරිස් (තොරතුරු තාක්ෂණ) වයි.කේ. ජීවමාලා, කොමසාරිස් (විමර්ශන) ටී.ජී. සරත් කුමාර, කොමසාරිස් (රියදුරු බලපත්‍ර) මංගල වික්‍රමසිංහ, ප්‍රධාන මූල්‍ය නිලධාරි ජේ.ඒ.ඩබ්ලිව්.කේ. ජයකොඩි යන මහත්ම මහත්මීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටිය හ.
මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙන්ම හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාද සම්බන්ධ වුණි.