Spread the love


ලෝක කම්කරු සංවිධානය (ILO) සහ ගම්පහ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය එක්ව ක්‍රියාත්මක කරනු ලබන නව බතික්  ව්‍යාපාර බිහිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ තාක්ෂණික පුහුණු වැඩසටහන යක්කල Inuroo Collection ආයතන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 20 දෙදෙනෙකු සහභාගි වූ අතර පුහුණුවීම්  කටයුතු සති 02ක් පුරා  සිදු කෙරේ. පුහුණුව  අවසානයේදී ලෝක කම්කරු සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙහෙයවීමෙන් පුහුණුව ලැබූවන් සඳහා බතික් ව්‍යාපාරයට අවශ්‍ය මූලික උපකරණ කට්ටලය ලබා දෙනු ඇත. තවද මෙම ව්‍යාපෘතිය යටතේ බතික් ක්ෂේත්‍රයට, නව ව්‍යාපාර බිහිකිරීම තුළින් වෙළදපොළ අවස්ථාව සලසාදීමට ද නියමිතය.

මේ සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ යක්කල Inuroo Collection ආයතනයේ අධිපති තරින්දි එදිරිසුරිය මහත්මිය විසිනි.