නිමල් රාජපක්ෂ
දුම්රිය ආරක්ෂක හමුදාවට අලුතින් බදවා ගත් නිලධාරීන්101 දෙනාහට ගිනි අවි සමඟ මාස දෙකක පුහුණවකින් පසුව රාජකාරියේ යොදවන බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
මෙහිදී මුලින්ම දින තුනක රාජකාරී ස්වභාවය ගැන පුහුවක් ලබාදී ඉන් අනතුරුව මාසයක සේවාස්ථ පුහුණුවක්ද, ඉන්අනතුරුව මාසයක ගිනි අවි පුහුණුවක්ද
ලබාදීමට නියමිතය
මෙම පුහුණු කාලය නිමවීමෙන් පසු දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන්හට නියමිත නිලඇදුම් පැළද වීමන් පසු රාජකාරී කටයුතු සදහා සේවා ස්ථානවලට යොමු කරන බවද අනුර ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.