Spread the love

නිමල් රාජපක්ෂ-

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ ආයතන මේ රටේ තරුණ තරුණියන් හට මෙතෙක් ලබාදුන් කාර්මික හා තාක්ෂණික පුහුණුව හා දැනුවමට අමතරව විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කොට ඇතැයිද එහි උපසභාපති එච්.එස් .හරිශ්චන්ද්‍ර මහතා පවසයි.

අද බොහෝ දෙනකු අතර ප්‍රචලිත වි ඇත්තේ’ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය මගින් මේ රටේ පාසල් දරුවන් ට හා තරණ තරුණියන් හට මෝටර් රථ කාර්මික පුහුණුව ,පෙදරේරු ,විදුලි කාර්මික , තාක්ෂණික( ICT) පුහුණුව ලබා දෙන බවටය.
නමුත් මේ වනවිට ජාත්‍යන්තරයට ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවේශය නයිටා ආයතනය මගින් සකසක් කර තිබේ. ජාත්‍යන්තර ය සීඝ්‍රයෙන් වෙනස් වෙයි. ඒ ඉල්ලුමට අනුව I C T පාඨමාලා සීඝ්‍රයෙන් වෙනස් කළයුතුයි. එම නිසා විදේශ විශ්ව විද්‍යාල පාඨමාලා හා අපේ පාඨමාලා එක්කාසු කිරීම කරගෙන ගොස් ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ලබාදිමට නයිටා ආයතනය පියවර ගන්නා බවද හරිශ්චන්ද්‍ර මහතා පැවසුවේය


ජාත්‍යන්තර අවශ්‍ය පරිදි දැණුමක් ලබාදී ඹවුන්ට විදේශීය රැකියා සදහා යාමට අවශ්‍ය පුර්ණ තාක්ෂණික දැණුම ලබාදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් ලබාදීමටත් නයිටා ආයනනය පියවර ගනි.ඹබට නයිටා ආයතනය විදේශ රැකියා ඒජන්සිය හරහා ඉතා වගකිම් සහිතව විදේශ ගත ව්‍මට අවශ්‍යනම් වෘත්තීය පුහුණු මාර්ග උපදේශන අංශයේ 011 2888 782-5 දක්වා යන දුරකථන අංකයට කථා කොට සියළු තොරතුරු ලබාදීමට නයිටා ආයතනය අවස්ථාව උදාකර දී ඇතැයිද හරිශ්චන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසුවේය.

වසරකට පනස් දහසකට ආසන්න පිරිසක් නයිටා ආයතනයෙන් පුහුණුව ලබන අතර ප්‍රධාන පාඨමාලා 79 තෝරාගෙන පුහුණුව ලබාදීමට පියවර ගෙන ඇතැයිද නයිටා ආයනතයේ අධ්‍යක්ෂ (පුහුණු)නිලන්ත ද සිල්වා මහතා කීවේය.
දිවයින පුරා දිස්ත්‍රික් විසිපහේම නයිටා ආයතනය හා බැදීමට පහසුකම් සලසා තිබෙන අතර ඹරුගොඩවත්ත ජර්මන් ටෙක් ,කටුනායක පිහිටි ඉංජනේරු තාක්ෂණික ආයතනය හා කටුබැද්ද ඉංජිනේරු ආයතනය හරහා පුහුණුව ලබා දීමට පියවර ගැණේ.

රටේ වර්ථමාන අවශ්‍යතාවයන්ට අනුව සේවා සැපයීමට වෘත්තීය පුහුණු පාඨමාලා සැකසිය යුතු බව ද නයිටා ආයතනයේ ව්‍යාපාති අධ්‍යක්ෂ කුමාර වන්නිආරච්චි මහතා පැවසුවේය.
දේශීය හා විදේශීය පුහුණු ආයතන සමග සම්බන්ධවී වෘත්තිය පුහුණු පාඨමාලා සකස් කොට ඒ තුළින් නිෂ්පාදන සපයන පාඨමාලා බවට පත්කළ යුතු බවද වැඩි දුරටත් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු හරිශ්චන්ද්‍ර මහතා,

වීඩියෝව නරඹන්න subscribe කරන්න