Spread the love


නිමල් රාජපක්ෂ-

දුම්රිය මගීන්ගේ ජංගම දුරකථන මුදල් පසුම්බ් සොරා ගන්නා නමගිය අපරාධකරුවකු කොටුව දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේදී උඩරට මැණිකේ දුම්රිය යට නගින මගියකුගේ ජංගම දුරකථනයක් සොරා ගනීද්දී දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඅඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් මීට පෙරද ජංගම දුරකථන 8 ක් සමගින් දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගත් අයකු බවද පවසයි.
අදාල සැකකරු පෙරේදා උදෑසන 9.00 පමණ උඩරටමැණිකේ දුම්රිය තුන්වන වේදිකාවට පැමිණි අවස්ථාවේ මගීන් දුම්රියට ගොඩවෙද්දී පොරකමින් ගොස් ජංගම දුරකථනය සොරා ගෙන තිබේ . වහාම ක්‍රියාත්මකවු දුම්රිය ආරක්ෂක නිලධාරීන් ආදාල සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඹහුගේ ඇදුම් අස්සේ සගවා තිබියදි ජංගම දුරකථනය සොයා ගැනිමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත. රුපියල් ලක්ෂයකට ආසන්න ස්මාට් වර්ගයේ ජංගම දුරකථන බදුල්ල බලා යන මගියකුගේ බැවින් අයිතිකරු ඉදිරිපත් වු බැවින් ජංගම දුරකථනය බාරදි තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු දුම්රිය ආරක්ෂක නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පැවැත්වීම සදහා කොටුව පොලීසිය වෙත බාරදී තිබේ.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත , කොටුව දුම්රිය ආරක්ෂක සේවයේ කාර්යභාර නිලධාරි මර්වින් අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ සැරයන් වරුන්වන ආනන්ද සිරි, කුමාරසිංහ , ධර්ම වර්ධන ,ආරක්ෂක නිලධාරීන් වන චතුරිකා, අනුරාධා , කාන්තා ආරක්ෂක පෙරේරා සහය ආරක්ෂක එම්.එස් කුමාර