Spread the love

ප්‍රහසන වැඩසටහනක් අතර තුර බෞද්ධාගාමට අපහාස වන අකාරයෙන් අදහස් දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගියදා කොළඹ ප්‍රධාන පෙළේ රංග ශාලාවක පැවති උත්සවයකදී එම කාන්තාව බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකර තිබුණි.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාශය සැකකාර නතාෂා එදිරිසූරිය සිංගප්පූරුව බලා යාමට උත්සාහ කිරිමේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත්තාය.

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් දිර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය කොළඹ කොටුව මහෙස්ත්‍රත් තිළිණ ගමගේ මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී එම සැකකාරිය ප්‍රකාශයක් සිදුකරමින් බුද දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ජනතාව තුළ අසමගියක් ඇති වන ලෙස කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොටුව මහෙස්ත්‍රාත්වරයා සැකකාරිය ලබන 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.