Spread the love

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට මෙතෙක් නොතිබුණු දැනට සකස් කර ගෙන යන ධීවර ප්‍රඥප්තිය පිළිබද සංකල්ප වාර්තාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දෙන ලදි.
ජාත්‍යන්තර ධිවර දිනය සැමරීම සදහා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදීය.
මෙම ප්‍රඥප්තිය තුලින් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිය වෘත්තිය කටයුතු කිරීමට ඇති අයිතිය තහවුරු කරන අතර ධීවර ජනතාවගේ සුභ සාධනය සදහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල් රාශියක් මෙයට ඇතුලත් වේ.
තවද ජාත්‍යන්තර තත්වයට ධීවර කර්මාන්තය උසස් කිරීම සදහාත් අන්තර් ජාතික මට්ටමට ශ්‍රී ලංකාවේ ධීවර වෘත්තිය නගා සිටුවීමද මෙම ප්‍රඥප්තිය මගින් සිදු කෙරේ. මෙම උත්සව ඇමතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධීවර ක්ෂෙත්‍රය නගා සිටුවීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් පසුගිය කාලයේ කරන ලද සේවාව ඇගයීමකට ලක් කළේය. එසේම කෝවිඩ් සමයේ ධීවර ජනතාව මුහුණ දුන් ගැටළු හමුවේ නොසැලී සිටිමින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධාන ස්ථානයට ධීවර කර්මාන්තය ගෙන ඒමට කටයුතු කල බවද ප්‍රකාශ කළේය.
තවද ජාත්‍යන්තර ධීවර දිනය දළ රළ සවිය නැමති මාතෘකාව යටතේ ක්‍රියාත්මක වන අතර ඕනෑම රැල්ලකට මුහුණ දීමට එතුමාට ශක්තිය ඇති බවද අග්‍රාමාත්‍ය වරයා විසින් තවදුරටත් ප්‍රකාශ කළේය.
එසේම තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය දරමින් තමන්ට විශාල ශක්තියක් වු බවත් එමෙන්ම රටේ ජනතාවටද විශාල සේවයක් කල බවද ප්‍රකාශ කල අග්‍රාමාත්‍යවරයා රටේ තේ, පොල්, රබර් මෙන්ම අපනයන ආදායමේ ප්‍රමුඛ ස්ථානයට ධීවර කර්මාන්තය පත් කිරීම සදහා අමාත්‍යතුමාටත්, රාජ්‍ය අමාත්‍යතුමන්ට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ටද අවශ්‍ය ශක්තිය
ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනා කළේය.