Spread the love

ධීවර යාත්‍රාවක් පැහැරගෙන ධීවරයින් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇත.

2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පළායෑමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’ නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන, එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර, තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර, බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබිණ

එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත්, මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිර දඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමටද නියෝග කර ඇත.