නාගොඩ සුමන .
ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
මේ වන විට ඒ සඳහා රක්ෂණ සමාගමක් එකගතාවය පළකර තිබේ.
එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බව පැවසීය.
පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී ප්රතිලාභ ලබාදීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.