Spread the love

ඉන්දියානු අදානී සමාගමට භාර දී තිබෙන උතුරු වරාය සංවර්ධන යෝජනා ක්‍රමය සදහා වැලි ගැනීමට මෙම ප්‍රදේශයේ සාගරයෙන් සිදුවන බැවින් ඒ සදහා ධීවර දෙපාර්තමේන්තුවට ලබාදෙන මුදලින් කොටසක් වියදම් කර ධීවර ජනතාවට තෙප්පන් ලබාදීමට කටයුතු කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඇමතිවරයා මෙසේ පැවසුවේමීගමුව දිස්ත්‍රික්කයේ එක්සත් ධීවර සමිතියේ සාමාජිකයින්ට තෙප්පන් 25ක් ලබා දීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එම තෙප්පන් බෙදා දුන් අවස්ථාවේදීය.

රජයට මුදල් නොතිබුණත් ජනාධිපතිතුමන් සමග රජයේ ප්‍රතිපත්තිය කෙසේ හෝ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම බවද, එම ප්‍රතිපත්තියට අනුව ධීවර ජනතාවටද අවශ්‍ය සහන ලබාදීමට පියවර ගන්නා බව ද මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉදිරි කාලයේදි ධීවර ජනතාවට ඉන්ධන සදහා සහනයක් ලබාදීමටත්, ධීවර ආම්පන්න වල මිළ අඩුකිරීමටත්, මාළු විදේශවලින් ආනයනය කිරීම නැවැත්වීම සදහාත් අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජනාධිපතිතුමා බලාපොරොත්තුවන බව තමන්ට ප්‍රකාශ කර තිබෙන බවද පැවසු අමාත්‍යවරයා අද තෙප්පන් ලබාගන්නා ධීවර ජනතාව මේවායින් හරිහැටි ප්‍රයෝජනය ගෙන ධීවර රැකියාවේ යෙදෙමින් සිය පවුල්වල සුභ සිද්දිය උදෙසා කටයුතු කරන ලෙසද තමන් බලාපොරෝතු වන බවද පැවසීය.