Spread the love


නිමල් රාජපක්ෂ-

මෙරට ධිවර කර්මාන්තයේ නියැලෙන බහු දින යාත්‍රා සදහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩ පිලිවෙලක් සකස් කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
මහතා පවසයි
ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයියන් සමඟ සාකච්ජා කළ බවත්, ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයන් කියා සිටියේ දැනට ඛණිජ තෙල් සංස්ථාව මගින් ලංකාවේ ධීවර වරායන් තුළ පවතින ඉන්ධන පිරවුම් හල් සදහා ඉන්ධන නිකුත් කිරිමේ මිල සංසන්දනය කර එම මිලට වඩා සහන මිලකට ඉන්ධන නිකුත් කිරිමට හැකි යාව පවතින බවයි.
තවද දැනට වරයන්වල තිබේන ඉන්ධන හල් ඛණිජ තෙල් සංස්ථාව සතුවන අතර එම ඉන්ධන හල් සදහා සිය සමාගමේ ඉන්ධන ලබා දිමට කටයුතු කිරිමේදි ගැටුම් ඇතිවිය හැකි බැවින් ධීවර වරායන් තුළ අප සමාගමට වෙනම ඉන්ධන හලක් පවත්වා ගෙන යාමට ඉඩ ලබා දෙන්නේ නම් ඩිසල් ඉන්ධන රු.351 ක වඩා අඩු මිලකට ඉන්ධන ලබා දිමට ඇති හැකියාව සොයා බලන බව නියොජිත පිරිස අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

.