Spread the love

ජනාධිපතිතුමා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (07) ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් කොළඹ දී හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරයි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. රටේ විශාල පිලිගැනීමක් තියෙනවා එතුමා වැටුනු රට යම් ක්‍රමයකට ගොඩගත්තා කියන එක පිළිබඳව. මේ ක්‍රමය දිගටම පැවතුනොත් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියන එක ජනතාව විශ්වාස කරනවා. කයිවාරුකායින්, බොරු කාරයින් ඇවිල්ලා එක එක ඒවා කියලා රට ආයෙත් ආපස්සට යන්න පුලුවන්. ඒ නිසා ජනාධිපතිතුමාට ඉල්ලන්න කියලා රටේ මතයක් ගොඩනැගිලා තියෙනවා.

ධම්මික පෙරේරා කියන්නේ හොඳ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාරික ඥාානය තිබුනට එතුමට දේශපාලන ඥානය නැහැ. පොහොට්ටුව කිව්වා කියනවා, එතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න කොන්දේසි 10 ක් දාලා තියෙනවා, ඒ කොන්දේසි 10 සපුරලා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙනවා කියලා. පොහොටේටුවේ කවුරුත් කියලා නැහැ එතුමා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. ධම්මික පෙරේරා මහතාට කවුරුහරි ලොකු බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඒ බලාපොරොත්තුව පොහාට්ටුව කඩ නොකරයි කියලා මම විශ්වාස කරනවා. බලාපොරොත්තුව දුන්න කෙනා දැන් කියන්න ඕනේ අපි ධම්මික පෙරේරා මහතා ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා. තාම එහෙම දෙයක් පේන්න නැහැ. ධම්මික පෙරේරා මහත්තයා නිකන් කියන්නේ නැහැනේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. ධම්මික පෙරේරා මහතාට මේ පණිවුඩය දුන්න වගකිවයුතු කෙනාට කියනවා ඇවිල්ලා රටට කියන්න පොහොට්ටුවේ අපේක්ෂකයා ධම්ම්ක පෙරේරා කියලා. ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ. ව්‍යාපාර කියවීමට හැකියාව තිබුනට දේශපාලනය කියවීමට හැකියාවක් ධම්මික පෙරේරා මහතාට නැහැ. මම දන්න පොහොට්ටුව දැන්ම හදිස්සි වෙන්නේ නැහැ තමන්ගේ ජනාධිපති අපේක්ෂාකයා ධම්මික පෙරේරා කියලා කියන්න.

අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙලට සහය දක්වනවා. අපේ වැඩපිළිවෙලේ අපි වෙන කිසිම අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නැහැ. මේ ආර්ථික වැඩිපිළිවෙල ගෙනියන ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියන එකයි අපේ බලාපොරොත්තුව.

සමගි ජන බලවේගය පහුගිය කාලය පුරාම කිව්වේ පොහොට්ටුව, රාජපක්ෂවරු සහ එතුමා එක්ක හිටපු අය හොරු කියලා. ආර්ථිකය වැටෙන්න ප්‍රධානම හේතුව රාජපක්ෂවරු ගත්ත තීරණ කියලා කිව්වා. එහෙනම් සජබෙන් අහන්න කැමතියි නාලක ගොඩහේවා, ජී. එල්. පීරිස් වගේ අය ගන්නේ රෙදි ඇඳගෙනද කියලා. නාලක ගොඩහේවා තමා ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත. ආර්ථිකය වැටෙන්න බදු අඩු කරන්න උපදෙස් දුන්නේ ප්‍රධාන වශයෙන් නාලක ගොඩහේවා මහතා. වියත්මග, එළිය සංවිධාන හඳාගෙන පාර්ලිමේන්තුවේ නැති කෙනෙක්, දේශපාලනය කරපු නැති කෙනෙක් ගේන්න ඕනේ කියලා මතයක් ගොඩනැගුවේ මේ අය. අපි ඒ වේලාවෙත් කීවා ගෝඨාභය මහතාට දේශපාලනය කරන්න බැහැ කියලා. ඒක ජනතාව පිළිගත්තෙත් නැහැ,