Spread the love

ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධිකරණයේදී ඊයේ ආරම්භ වුණා.

මෙම නඩු විභාගය ඊයෙ සිට ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේදී පැවැති 2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වූ අතර අත්අඩංගුවට ගත් ධනිෂ්ක පසුව ඇප මත මුදා හැරියා.

එහිදි ධනිෂ්කට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරනු ලැබුවත් පසුව ඉන් චෝදනා තුනක් ඉවත් කරගනු ලැබුවා.

ඒ අනුව කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ නිරත වීම යන චෝදනාව මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී ධනිෂ්කට එරෙහිව නඩු විභාගය ආරම්භ කළා.

නඩුවට පෙනී සිටිම සදහා ධනිෂ්ක අධිකරණය හමුවේ තවත් කාන්තාවක් සමග පැමිණ සිටින අයුරු ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබුණා.

එහිදී නෛතික තත්ත්වය මත නම හෙළි නොකළ ධනිෂ්ක විසින් ලිංගික අතවරයට ලක් කළ බවට පැවසෙන කාන්තාව සාක්ෂි දෙමින් සඳහන් කර තිබුණේ ” ධනිෂ්ක බලහත්කාරයෙන් මාව සිපගෙන තට්ටම්වලට පහර දුන්නා.”

මම ඔහුට කිවුවා, මේක හෙමින් කරන්න පුළුවන්ද කියලා. මොකද ඒ වෙද්දි මට සුවපහසුවක් දැනුණේ නැහැ. ඊට ධනිෂ්ක කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

උපත් පාලන කොපුවක් භාවිතා කරන ලෙස ඉල්ලීමක් කළා. නමුත් ධනිෂ්ක කිව්වා, බය වෙන්න එපා පැටියෝ… ඔයා ගැබ්ගන්නෙ නැහැ… ඔයාට මාව විශ්වාස නැද්ද…?

දිගින් දිගටම කිව්වෙ ඔහු උපත් පාලන කොපුවක් පාවිච්චි කරන්න අකැමතියි කියලයි. ඔහු ඇත්තටම මට රළු ආකාරයෙන් සැලකුවේ.

මට මතකයි මගේ හුස්ම හිරකරලා එක අතක් මගේ බෙල්ලට තියලා, අනිත් අත ඇඳ උඩ තියාගෙන තප්පර 20-30ක් ම හිටියා.. මට මගේ ජීවිතේ ගැන ඒ වෙලාවේ දැණුනේ බයක්, කම්පනයක්.

මෙහිදී අදාළ කාන්තාව වෙනුවෙන් විමර්ශනය මෙහෙයවන නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ

” ධනිෂ්ක ඇය සමඟ ලිංගිකව හැසිරීම නැවැත්වීමෙන් තත්පර කිහිපයකට පසු භාවිතා කරන ලද උපත් පාලන කොපුව බිම තියෙනවා දැක තිබෙනවා.උපත් පාලන කොපුව ඉවත් කිරීම සහ ඔහුගේ වෙනත් හැසිරීම්වලින් පෙනී ගියේ ධනිෂ්ක කාන්තාවගේ කැමැත්ත ගැන සැලකිල්ලක් හෝ ගරු කිරීමක් කරලා නැහැ කියලා.අත්අඩංගුවට පත්වීමෙන් පසු ධනිෂ්ක සිඩ්නි පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇත්තේ පළමු උපත් පාලන කොපුව භාවිතට ගැනීමට නොහැකිවීම නිසා දෙවැනි උපත් පාලන කොපුව පැළඳ ගත් බවටයි.නමුත් ඇයගේ නිවස පොලිසිය විසින් කරන ලද සෝදිසියකදී සොයාගනු ලැබුවේ එක් උපත් පාලන කොපුවක් පමණයි.එය ධනිෂ්ක සහ ඇගේ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වුණා “

කෙසේවෙතත් අදාළ චෝදනා සියල්ල ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මුරුගන් තංගරාජ් ප්‍රතික්ෂේප කළා.

“පැමිණිලිකරු විශ්වසනීය සාක්ෂිකරුවෙකු ද යන්න පිළිබඳව ප්‍රශ්න පවතිනවා. උපත් පාලන කොපුව ඉවත් කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නැහැ.පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා පොලිසියට කතා කළ අවස්ථාවේදී පමණක් මෙම විස්තරය ලබා දී තිබෙනවා.”

ඒ අනුව මෙම නඩුව අද යළි කැඳවීමට නියමිතයි.