Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව තැන්පතු පොලී අනුපාතය 9% දක්වා සහ ණය පොලී අනුපාතය 10% දක්වා පහත දමා ඇති බවයි. ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අගාධයක ගිලෙමින් උද්ධමනය වේගය අතින් ලොව පස් වැනි ස්ථානයට පත් වෙද්දී මිල දී ගැනීම් අධෛර්මත් කිරීමේ පියවරක් ලෙස මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි
. 6% තිබූ ණය පොලී අනුපාතය 16%දක්වා ද 5% තැන්පතු පොලී අනුපාතය ඒ අනුව 15% දක්වා ද ඉහළ දැමිණි. එහෙත් අද වන විට එදා 70%ක මට්ටමේ තිබූ උද්ධමනය රජයේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මත 1.3% දක්වා පහළ බැස තිබේ.
එහි ප්‍රතිඵලය ලෙස මෙලෙස පොලී අනුපාත පහත හෙළා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.