Spread the love

වෛද්‍යවරුන් සදහා රාජකාරී බාධා පැමිණ සිටීමේ දීමනාව (DAT) දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් ඊට අදාළ මුදල් මෙතෙක් ලබාදීමට කටයුතු කර නොමැති බවත් ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් එම දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇති බව ද නිවේදනයේ දැක්වෙයි.

වෛද්‍යවරුන්ට මෙම දීමනාව ලබාදීමට එරෙහිව ‍සෞඛ්‍ය සේවයේ සුළු සේවක සංගම් රැසක් පසුගිය දින කිහිපය පුරාම විරෝධතාවන්හි යෙදුණහ. ඔවුන් කියා සිටියේ තමන්ටද වෛද්‍යවරුන්ට අදාළ එම දීමනාව ලබාදිය යුතු බවය.