PHOTO
නිමල් රාජජක්ෂ-
කුඩා පරිමාන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනයන් විදේශ රටවල පවත්වනු ලබන වෙළද ප්‍රදර්ශණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.-

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සංවිධානයෙන් 10 වන වරටත් ‘‘ව්‍යවසාය 2023’’ අලෙවි ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී සාර්ථක අන්දමින් පැවැත්වුණ අවස්ථාවට සහභාගි වෙමින් ඇමතිවරයා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු රෝෂාන් රණසිංහ මහතා ,වඩාත් ගුණාත්මක අමුද්‍රව්‍ය උපයෝගීකර දේශීයව නිපදවන උසස් තත්ත්වයේ නිෂ්පාදන රැසක් 250 කට අධික වෙළද කුටි තුළින් එකම ස්ථානයක දී මිලදී ගැනීමට අවස්ථාව උදාකර දි තිබෙනව. මීලග අදියර ලෙස මෙම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනයන් ජාත්‍යන්තර තත්ත්ව සහතිකයන්ට යටත්ව විදේශ රටවල පවත්වනු ලබන වෙළද ප්‍රදර්ශණ සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට පියවර ගන්නා බවද කීවේය.
ඒ සදහා ඉතා ඉක්මනින් පියවර ගන්නා ලෙස කුඩා ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.

“ස්වයං දිරියෙන් නැගෙන මිනිසුන් වෙනුවෙන් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) කරන්නා වූ මෙහෙවර අපමණය.නැගී එන ව්‍යවසායකයන් ධෛර්යමත් කිරීමට රජය විසින් මෙම වෙළඳ කුටි නොමිලේ දි තිබෙනවා. මෙම වෙළඳ ප්‍රදර්ශණය සාර්ථක කර ගැනීම සඳහා කැපවී වැඩ කටයුතු මෙහෙයවූ එහි අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයට කෘතඥතාව පළකරන බවද මෙහිදි ප්‍රකාශ කළේය.
වීඩියෝව නරඹන්න SUBSCRIBR කරන්න