ශ්‍රී ලංකා මහ බැංකුව මහා භාණ්ඩාගාරය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය නිසා සේවක අර්ථසාධක මුදල සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බවට මත පළවෙයි.
රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වූ 42% ක පමණ ප්‍රමාණය සේවක අර්ථසාධක මුදලින් ලබා ගෙන තිබීම මීට හේතු වී ඇත.
මෙම තත්වය මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කිරීම මත ණය ආපසු ගෙවීම ප්‍රමාද කරන නිසා එය එක එල්ලේම අර්ථසාධක අරමුදලට බලපෑමක් ඇති කෙරෙයි.