Spread the love

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් කරලා ද යෝජනාවට පක්ෂව ඡන්ද හතරක් විපක්ෂව දෙකක් ලැබුණු බවත් තවත් දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් ඔහු පැවසීය.

තීන්දුවක් සම්මත වීමට ඡන්ද පහක් අනිවාර්යයෙන් අවශ්‍ය බවද පැවසූ ඔහු කතානායකයත් ඡන්දය ලබා ගන්නේ ඡන්ද ප්‍රමාණය සම වුණොත් පමණක් බවද සදහන් කලේය.

ඒ අනුව මෙම පත්කිරීම හරහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.